මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේ කදුකර ප්‍රදේශයක භූගත මත්පැන් නිෂ්පාදනාගාරයක් සොයාගැනීමට එරට නාවික අංශ සමත් වී තිබෙනවා. මෙලෙස සොයාගැනීමට හැකිවී ඇත්තේ ටොන් 50 ක මෙතම්ෆටේන් ලෙස හදුන්වන මත්ද්‍රව්‍යය වර්ගයක් බවයි වාර්තා වන්නේ. එම මත්ද්‍රව්‍ය සියල්ල විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදාගන්නා රාසායන ද්‍රව්‍ය තොගයක්ද මෙහිදී සොයාගෙන තිබෙනවා. මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
Post a Comment