දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මටට්මක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට ඉහළ යාමක් අපෙක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එය පැයට කිලෝමීටර් පනහේ සිට අසූව දක්වා වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් පනහේ සිට හැට දක්වා වැඩිවිය හැකියි. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබද සැළකිල්ලෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Post a Comment