ශ්‍රී ලංකාව පසුගිය වසරේදී කුරුදු අපනයනයෙන් ඇමරිකා ඩොලර් මිලියන 202.5ක වාර්තාගත විදේශ විනිමයක් උපයාගෙන තිබෙනවා. එය 2016 වසරට සාපේක්ෂව සියයට 30ක වර්ධනයක් බවයි ජාතික කුරුදු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ලොව ඉහල ප්‍රමිතියෙන් යුත් කුරුදු නිෂ්පාදනය කරන රටක් ලෙසයි නම්කර තිබෙන්නේ. මේ නිසා ශ්‍රී ලංකාවේ කුරුදු සඳහා ලෝක වෙළඳ පළේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. ශ්රීී ලංකාව අපනයනය කරන්නේ ගෝලීය කුරුදු ඉල්ලුමෙන් 18%ක්.
Post a Comment