ඉතාලියේ අධිවේගී ගුවන් මාර්ගයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් දහඅට දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. පසුගිය අගහරුවාදා ඉතාලියේ ජෙනෝවාහි අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිස්නවදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පස් දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මියගිය පිරිසෙන් දහඅටදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. එය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ආකාරයෙන් පවත්වන ලෙසයි ඉතාලි ජනාධිපති සර්ජීයෝ මතරැල්ලා උපදෙස් දී ඇත්තේ. කෙසේ වෙතත් ඉතාලි රජයට විරෝධය පළ කිරිමේ අදහසින් අවමංගල්‍ය උත්සවය සදහා මියගිය අයගේ ඥාතීන් සහභාගි නොවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
Post a Comment