Oct
31
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා.
කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ඉතා සුහදශීලීව අග්‍රාමාත්‍යවරයා පිළිගත් අගරදගුරුතුමා සුහද කතාබහක ද නිරත වුණා. නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගරදගුරුතුමා දැනුවත් කළා.
සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment