Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවට ජගත් සංවිධානයෙන් නව නියෝජිතයෙක්  

Add comments

එක්සත් ජාතීන්ගේ නව සිරියා නියෝජිතයා ලෙස ගයර් පෙදර්සන් නම්කර තිබෙනවා.ඔහු නෝර්වීජියා ජාතිකයෙකි.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට මහ ලේකම් අන්තෝනියේ ගුටරෙස් ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ගයර් පෙදර්සන් මේ වනවිට චීනයේ නෝර්වේ තානාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහුට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් පස් දෙනාගේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ. සිරියා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී් අභිලාශයන්ට ගැළපෙන විශ්වසනීය දේශපාලන විසදුමක් ලබාදිමට නව නියෝජිතයාට අවස්ථාව ලැබෙනු ඇති බව මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පෙන්වා දෙනවා. දැනට එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිතයා ලෙස කටයුතු කරන ස්ටැෆන් ඩි මිස්චුරා නොවැම්බර් මස අවසානයේදී විශ‍්‍රාම ගන්නා බවයි දැනුම් දි තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG