Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේනා දළඹු වසංගතය මර්දනයට රජයෙන් සහනාධාරයක්  

Add comments

සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හා මර්දනයට කඩිනම් පියවර ගැනීම සඳහා විද්වතුන් ඇතුලු සියලු අංශවල සහාය ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සේනා දළඹු වසංගතයට මුහුණදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය කාර්ය සාධන බලකායක් ද පත්කළා.

හදුන්වාදී ඇති කෘමිනාශක වර්ග මිලදී ගැනීමට සියයට 50 ක සහනාධාරයක් ද ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

සේනා දළඹුවා වාර්තා නොවන ප‍්‍රදේශවල කෘෂිකර්ම නිලධාරීන් දළඹු වසංගතය පවතින ප‍්‍රදේශ වලට යොමුකරන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG