
රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සුබපැතුම් එක්කරනවා.
සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරන පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සදහන් කරන්නේ නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව දැක්වූ දැඩි ස්ථාවරය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රශංසාව හිමිවන බවයි. ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග කෙරෙහි දේශපාලන අංශවල කැපවිම මෙම අර්බුදය විසදාගත් ආකාරයෙන් මනාව පැහැදිලිවනවා. දේශපාලන සංහිදියාව ඇතිකිරීම ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම නිතියේ ආදිපත්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයට සහාය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවී සිටින බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ද දන්වා ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සදහන් කරන්නේ. ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය තවදුරටත් ක්‍රියා කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව සමග එක්ව තමන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ප්‍රගතිය කරා ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව හා පොදු රාජ්‍ය මණ්ජලය අතර පවත්නා දිගුකාලීන මෙන්ම ඵලදායි සබදතාවන් තවදුරටත් පවත්වාගෙන යාමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන බවද පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිකුත්කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Post a Comment