
2000 වසරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය අද නියම කළා.
කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එක් විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළා. මරණ දණ්ඩනය නියම වූයේ කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකුටයි.
Post a Comment