
මිලියන 10 කට වැඩි ඡන්ද දායකයන් පිරිසක් මහ මැතිවරණයේ පළමු දිනයේදී ඡන්දය භාවිත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ප‍්‍රාන්ත 20 ක් සහ ඡන්ද කොට්ඨාස 91 ක් වෙනුවෙන් ඊයේ(11) ආරම්භවූ මහ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර 7 ක් යටතේ. ඒ ලබන 19 වෙනිදා දක්වා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු මැයි 23 වෙනිදා සිදුවන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.
රට පුරා මිලියන 900 ක් මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචිවී සිටිනවා. වැඩිම පිරිසක් මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කරන අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. ප‍්‍රදේශ කිහිපයකින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වුණා. දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රටපුරා ආරක්ෂාව ද වැඩිකර ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළා.
Post a Comment