
සුඩානයේ නව හමුදා කවුන්සිලය පැනවූ ඇඳිරි නීතිය ප‍්‍රතික්ෂේප කරන බව විරෝධතාකරුවන් ප‍්‍රකාශ කළා.
සුඩාන අගනුවරට දස දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
ඒ හමුදා කවුන්සිලය පැනවූ රාතී‍්‍ර ඇඳිරි නීතිය මධ්‍යයේ. ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිවයි විරෝධතා ආරම්භ වුණේ.
එහෙත් අලුතින් බලය ලබාගැනීමට උත්සාහ දරණ හමුදා කවුන්සිලය ද බෂීර් රෙජිමයේම කොටසක් බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
Post a Comment