Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මගී අවශ්‍යතා අනුව අමතර බස් රථ යෙදවීමට ලංගමය සහ පෞද්ගලික බස් සංගම් සූදානම්  

Add comments

මගී අවශ්‍යතා අනුව අමතර බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනා ගමන මන්ඩලය සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් ගැටලුවකින් තොරව ලබා දීමයි අරමුණ.

අද(12)  දිනයේදී අතිරේක බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක්කර ඇති බවයි ලංගම ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ඩී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ. ඒ දෛනිකව සිදුකෙරෙන සාමාන්‍ය ගමන් වාර වලට අමතරව. ඊයේ(11) රාතී‍්‍රයේ සිට දුර බැහැර ප‍්‍රදේශ වලට පිටත්ව යාම සඳහා මඟීන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණි බව ද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙනවා.

ජනතාවගේ පහසුව සඳහා කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවාවක් කි‍්‍රයාත්මක කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කලේ.

අවශ්‍යතා මත අමතර බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ග් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG