Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියා ගබ්සා තහනම ව්‍යවස්ථා විරෝධී බව එරට අධිකරණයක් දැනුම් දෙයි  

Add comments

දකුණු කොරියාවේ ගබ්සා තහනම් කිරීමේ නීතිය ව්‍යවස්ථාවට පටහැණි බව එරට අධිකරණයක් අද නියෝග කළා.

ඒ අනුව 2020 අවසන් වනවිට එම නිීතියෙහි වෙනසක් සිදුකළ යුතු බවයි අධිකරණ නියෝගයෙන් දන්වා තිබෙන්නේ.

ගබ්සාවට යොමුවන කාන්තාවන්ට එරෙහිව දඩ නියම කිරීමට සහ එවැනි කාන්තාවන් සිරගත කිරිමටයි දකුණු කොරියාව මීට පෙර කටයුතු කළේ.

ඒ 1953 දී පැනවු තහනම හේතුවෙන්. දුෂණයට ලක්වීමෙන් සහ සමීප ලේ ඥාතීන් අතර පැවති සබදතා හේතුවෙන් පිළිසදගත් දරුවන් සහ සෞඛ්‍යසම්පන්න නොවන කාන්තාවන්ට පිළිසද ගන්නා දරුවන් ගබ්සා කිරිමට පමණක් අවසර හිමිවුණා.

එභෙත් සෙසු කාන්තාවන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී ගබ්සා නීතිය ලිහිල්විය යුතු බවයි දකුණු කොරියා අධිකරණය සිය නියෝගයෙන් දන්වා තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG