අයි එස් අයි එල් ප‍්‍රහාරයකින් නයිජීරියාවේ හමුදා සෙලුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊසාන දිග ගජිගන්නා ප‍්‍රදේශයේදී ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
අමාක් ප‍්‍රවෘත්ති ඒජන්සිය හරහා සටහනක් තබමින් ප‍්‍රහාරයේ වගකීම අයි එස් අයි එල් සටන්කාමීන් භාරගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපයක සිට මොවුන් නයිජිරියාවේ ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
Post a Comment