පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නතර කර තිබූ දේව මෙහෙයන් අද(12)දිනයේ දේවස්ථානවලදී පැවැත්වුණා.
කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී දේව මෙහෙය පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම තුවාල ලැබූවන් ද එම දේව මෙහෙයට සහභාගිවී සිටියා.
ශුද්ධෝත්තම ෆිලික්ස් මුණිතුමා කැප කරන ලද මීගමුව තම්මිට දේවස්ථානයේදී ද ඉරිදා දේව මෙහෙය පැවැත්වුණා. එම දේවස්ථානයේ ප්‍රධාන පාලක සඳසිරි පියතුමාගේ ප්‍රධානත්වයෙනුයි දේව මෙහෙය පැවැත්වුණේ.
හම්බන්තොට වික්ෂෝප දේව මාතා දෙව් මැදුරේ පැවති ඉරිදා දේව මෙහෙයට කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුණා. ඇන්තනි පියතුමාගේ උපදෙස් මත සුනිල් පෙරේරා පියතුමා දේව මෙහෙය සිදු කළා.
හංවැල්ල මාවල්ගම ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී ද දේව මෙහෙය පැවැත්වුණා. පොලීසිය හා ත්‍රිවිධ හමුදාව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද යොදා තිබුණා.
Post a Comment