Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

1979 පනතින් ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්විය හැකි බවට මතයක් ගොඩනැංවීමට විපක්ෂය උත්සහ දරමින් සිටියි  

Add comments

1979 වසරේ දී දේශීය ත්‍රස්තවාදය සදහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්විය හැකි බවට මතයක් ගොඩනැංවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරනවා.

උපුටා ගැනීම  – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය හත්වනදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් පත් කොට ඒ ඔස්සේ ප්‍රති ත්‍රස්ත පනතෙහි කටයුතු සිදුකළ යුතු බවයි. ඊට සුළු වේලාවකට පසු පනත පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ද ඒ මහතා එකඟවිය. නමුත් මේ වන විට ඒ මහතා  සදහන් කරන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑමට මුහුණ දීම සඳහා එක්සත් රාජධානියේ පනත අවස්ථා 10 කදී යාවත්කාලීන කෙරුණා. 2000 වසරේදී ස්ථාවර ත්‍රස්ත පනතක් ගෙන ආ අතර ඇමෙරිකාවේ නවයයි එකොළහ ප්‍රහාරයෙන් පසුව 2001 වසරේදී ප්‍රති ත්‍රස්ත, අපරාධ හා ආරක්ෂක පනතක් සම්මත කර ගැනුණා. 2005 වසරේ ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසු, 2006 වසරේදී නව ත්‍රස්ත පනතක් ක්‍රියාවට නැගුණා.

ගෝලීය තලයකට ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමත් සමග එක්සත් රාජධානිය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම රටවල නීතිරීති වෙනස් කිරීමට පියවර ගත්තේ තම රටවල ජනතා ආරක්ෂාව තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට යට නොකරමින්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උත්සාහ කරන්නේ 1979 වසරේ දේශිය ත්‍රස්තවාදය සදහා සැකසුනු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්විය හැකි බවට මතයක් රෝපණය කිරීමටය උපුටා ගැනීම අවසන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG