Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටතුළ යටිතල පහසුකම් සංවර්ධනයට රජයෙන් පියවර රැසක්  

Add comments

රටතුළ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පියවර රැසක් රජය ගෙන ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ජනාතාවට සපයන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණ බවයි පිටබැද්දර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක නිල සෙවන ව්‍යාපෘතිය යටතේ පිටබැද්දර පුවක් බඩෝවිට ඉදිකළ සේවා පියස ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට  වැය කළ මුදල රුපියල් ලක්ෂ 55ක්. පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද දහනායක මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG