Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාට නීතිය ක‍්‍රියාත්මක කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්  

Add comments

පාස්කු ඉරිදා පිපිරිම් වලට සම්බන්ධ ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛ‍්‍රතිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා. ඒ රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත‍්‍රික් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්විම අමතමින්.

රාජ්‍ය නායකයා ලෙස රටේ ආරක්ෂක අංශ කෙරෙහි පුර්ණ විශ්වාසය තබමින් ගෙවී ගිය දින විස්ස පුරා ඔවුන් නිසි කළමනාකරණයකට ලක්කළ බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එම වගකීම ආරක්ෂක අංශ විශිෂ්ට ලෙස ඉටුකර ඇති බැවින් තමාට මෙන්ම රටේ සෑම පුරවැසියෙකුටම ඔවුන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ද ජනාධිපතිතුමා සදහන් කළා.

“]

රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත‍්‍රික් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්වීම උහන මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ශ‍්‍රි ලාංකීය සමාජ ආර්ථික හා සංස්කෘතික පුනරුදය වෙනුවෙන් පොදුජන මෙහෙවර සමඟ එකට සිටිමු යන තේමාව යටතේ දීපව්‍යප්තවයි මෙම වැඩසටහන පැවැත්වෙන්නේ. එහි තුන්වන අදියර අම්පාර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පසුගිය 6 වනදා ආරම්භ වුණා.

උහන , අක්කරේපත්තු, අම්පාර , කල්මුණේ , පොතුවිල්, සයින්දමරුදු, තිරුක්කෝවිල් සහ දමන ඇතුලු ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස විස්ස ආවරණය කරමින් ව්‍යාපෘති 2100 කට වැඩි ගණනක් ක‍්‍රියාත්මක කළ බවයි රජය පවසන්නේ. ඊට රුපියල් මිලියන 92 ක මුදලක් වැයකර ඇති අතර, ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පන්දහස ඉක්මවනවා. තවත් රුපියල් මිලියන 130 ක් වැයකරමින් වැඩසටහන් රැසක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම වී තිබෙන්නේ.

ප්‍රදේශයේ ආගමික ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ප්‍රදානයන් කිහිපයක් ද රෝහල් සඳහා ගිලන් රථ ඇතුලු උපකරණ පිරිනැමීම,  ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබා දීම,  ඉඩම් ඔප්පු ප්‍රදානය ඇතුලු කටයුතු රැසක් ද මෙහිදී සිදුකෙරුණා. හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා මෙන්ම මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG