රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු භෙට යළි ආරම්භ කිරිමටයි නියමිත.
එම සිසුන්ට අද (12) දහවල් 12 සිට පස්වරු 4 දක්වා නේවාසිකාගාරවලට පැමිණිය හැකි බවයි උප කුලපති ආචාර්ය බී ඒ කරුණාරත්න මහතා සඳහන් කළේ. වෛද්‍ය පීඨයේ පළමු, දෙවන සහ තුන්වන වසරවල අධ්‍යන කටයුතු ආරම්භ වන්නේ ලබන 15 වනදා. එම සිසුන්ටද නේවාසිකාරගාරවලට පැමිණිය හැක්කේ ඊට පෙර දිනයේ බවයි උප කුලපතිවරයා ප‍්‍රකාශ කළේ.
කලා පීඨයේ අධ්‍යන කටයුතු ලබන 20 වනදා ආරම්භ කිරිමයි සැලසුම. ඒ පීළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බවයි සමාජ විද්‍යා පීඨාධිපති චන්ද විතානාච්චි මහතා ප‍්‍රකාශ කළේ.
Post a Comment