කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලැබුවා.
බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුවුණා. අනතුරෙන් මියගියේ ජීප් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුයි. ඔවුන් අවුරුදු 33 සහ 36යන වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
තුවාල ලැබූ පස් දෙනා හෝමාගම රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පෙලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.
Post a Comment