රට වෙනුවෙන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උත්සාහය මහනායක ස්වාමීන්වහන්සේගේ පැසසුමට ලක්වුණා. ජාතික ආරක්‍ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් වූ උන්වහන්සේගේ අදහස් හා යෝජනා ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණේ අස්ගිරි, මල්වතු මහනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ස්වාමීන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.
මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මල්වතු, අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කළා. මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක පිළිසදරක නිරත වුණා.
අනතුරුව අස්ගිරි විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ ද බැහැදුටුවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා පිළිසදරක නිරත වුණා. මහනුවර මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය නාපන ප්‍රේමසිරි ස්වාමීන්වහන්සේ ද බැහැ දුටුවා.
Post a Comment