පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි යන්න තමන් විමසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගනයේ අද පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සුළුතර ආණ්ඩුවක් වුව ද වත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතර තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ ජාතික සේවක සංගම් කාර්යාලය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේදී සිදුකෙරුණා. මෙම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය ගයන්ත කරුණාතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ ඒ විජේතුංග,හේෂා විතානගේ යන මහත්වරුන් ද එක්ව සිටියා.
The post රට සංවර්ධනය කරන්න බැරි වූ ආණ්ඩු ගැන අගමැති විමසයි appeared first on ITN News.
Post a Comment