ස්පාඤ්ඤයේ මලෝකා දුපතේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
හෙලිකොප්ටර් යානයක් සහ සැහැල්ලු ගුවන්යානයක් එකිනෙක ගැටිමෙන් අනතුර සිදු වුණා. ගැටිමෙන් අනතුරුව යානා දෙක අසල තිබු ගොවිපලකට කඩා වැටි තිබෙනවා. ජර්මනියට අයත් මෙම හෙලිකොප්ටර් යානයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු කුඩා දරුවන් වන බවයි සඳහන් වන්නේ. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චර්ස් සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.
The post ස්පාඤ්ඤයේ මලෝකා දුපතේ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment