Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර සාර්ථකව අවසන් වෙයි  

Add comments

බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා.

විහාරස්ථ නැගෙනහිර වාහල්කඩින් ආරම්භ වූ පෙරහැර විහාර මාවත, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මාවත ඔස්සේ බෙල්ලන්තර මංසන්ධියට පැමිණියා. අනතුරුව බෙල්ලන්තර පාර, පැපිලියාන පාර හරහා විහාර මාවතට පැමිණි පෙරහැර විහාරස්ථ ප්‍රධාන වාහල්කඩ අසලින් අවසන් කෙරුණා. අලි ඇතුන් තිහකට අධික සංඛ්‍යාවක් හා උඩරට පහතරට හා සබරගමු නර්තනාංග රැසකින් ද පෙරහර අලංකාරවත් වුණා. විෂ්ණු, කතරගම,සමන් හා විභීෂණ දේවාල පෙරහැර ද මීට සමගාමීව වීදි සංචාරය කළා.

 

 

 

 

The post බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර සාර්ථකව අවසන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG