ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉරාක රජයේ වැඩපිළිවෙළට එරෙහිවයි මෙම විරෝධතාව පැවැත්වුණේ. හාරදහසකට අධික පිරිසක් මේ සදහා එක්ව සිටියා.
එහිදී විරෝධතාකරුවන් 600 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඉරාකයේ නගර රැසකම විරෝධතා පැවැත්වුණා. ප්‍රදේශ රැසකට ඇදිරිනීතිය පැනවීමට ද එරට ආරක්ෂික අංශ කටයුතු කළා.
අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රජයේ ගොඩනැගිලිවලට ගිනි තබමින් කළහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාක ආරක්ෂක අංශ පියවර ගත්තා.
The post ඉරාක විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment