මෝදර විස්ට්වයික් බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඊයේ (03) ආරම්භ කෙරුණා. වෙනස් දැක්මක් අලුත් කොළඹක් යන්න තේමාකර ගනිමින් සාම්ප්‍රදායික ප්‍රජා ශාලාවෙන් ඔබ්බට ගිය බහුකාර්ය මධ්‍යස්ථාන 25 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය මෙයයි.
විට්ස්වයික් බහුකාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 430 ක් වැය කිරීමට නියමිතයි. මෙම මධ්‍යස්ථානය හරහා සෑම නගර වැසියෙකුටම නගර සභාව සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් විශේෂ අවශ්‍යතා ඇති අය සදහා දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සහ සායනයක් ද ඊට අයත්.
නොමිලේ ඉංග්‍රීසි බෙහෙත් ශාලාවක්, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතවයි එය ඉදිකෙරෙන්නේ. අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post විස්ට්වයික් බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment