ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා පැවැත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ලක්දිවට බුදුදහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන් වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ පිංකම් මාලාව ද අද සිට ආරම්භ වන අතර මිහිඳු පෙරහර අද රාතී‍්‍රයේ වීථි සංචාරය කිරීමටයි නියමිත. මිහිඳු මහ පෙරහර ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු පෙරහර ලෙස සැලකෙන අතර එය ජාතික පෙරහරක් ලෙස ද ගැසට් කර තිබෙනවා.
The post මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා appeared first on ITN News.
Post a Comment