Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ලමා දිනය යෙදී ඇති අද දරුවන් වෙනුවෙන් නව අරමුදලක්  

Add comments

ලෝක ලමා දිනය යෙදී ඇති අද දරුවන් වෙනුවෙන් නව අරමුදලක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. එම අරමුදල නම් කර ඇත්තේ දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල ලෙසයි.

ලෝක ලමා දිනයට  සමගාමීව දරුවන් වෙනුවෙන් පිහිටවූ දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල ස්ථාපනය කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අනුව විවිධ පරිත්‍යාගශීලී පුද්ගලයන්ට සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිලිගත හැකි අයුරින් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා. මෙයින් විවිධ ප්‍රභවයන්ගෙන් හදුනාගන්නා දරිද්‍රතාවයෙන් යුත් පවුල්වල දරුවන්ට ආධාර කිරීම සිදු කරනු ඇති. දෙමාපිය රැකවරණය හා සුරක්ෂිතතාව අහිමි දරුවන්ගේ අභිවෘද්ධිය සැළසීමද එහි තවත් අරමුණක් වනවා. නිවුන්දරුවන් හෝ ඊට වැඩි දරුවන් සංඛ්‍යාවක් එකවර බිහිකිරීම හේතුවෙන් ඔවුන් රැක බලාගැනීමට දුෂ්කරතා ඇති දෙමාපියන්ට උපකාර කිරීමටද නව අරමුදලෙන් මුදල් වෙන් කෙරෙනු ඇති.

උපතින්ම හෝ වෙනත් හේතුන් මත ශාරීරික දුෂ්කරතාවන්ගෙන් පෙලෙන දරුවන්ගේ අභිවෘද්ධිය සදහාද නව අරමුදලෙන් ආධාර සැපයෙනවා.විවිධ සුවිශේෂී දක්ෂතාවන්ගෙන් හෙබි එහෙත් දරිද්‍රතාව හේතුවෙන් ම දක්ෂතා ඔප්නංවා ගැනීමට අපහසු දරුවන්ටද මෙම අරමුදලින් සෙත සැළසීමට නියමිතයි. නව නිපැයුම්, අත්හදාබැලීම්, පර්යේශන හා නව සොයා ගැනීම් සිදු කරන දක්ෂතා සහිත දරුවන්ට උපකාර කිරීමද මෙම අරමුදලේ අපේක්ෂාවයි. දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල සදහා ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ  රාජ්‍ය ආයතන සහ ත්‍රිවිද හමුදාව , පුද්ගලික අංශය ඇතුළු ආයතන සිදු කරන ලද මුදල් පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදු කෙරුණා.

මේ අතර ලෝක ලමා දිනයේදී ඇති අද ජනාධිපතිතුමා සිය රාජකාරි ආරම්භ කළේ දරුවන් වෙනුවෙන් තවත් සුවිශේසී කර්තව්‍යක් ඉටුකරමින්. තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සදහා සහනයක් ලෙස පවුල් තුනක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීමද අද සිදු කෙරුණා.

මේ අතර තමන් විසූ මහල් නිවසේ  හටගත් ගින්නෙන් සිය දරුවන් තිදෙනා හා බිරිද බේරාගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ මහනුවර නාමනාදන් රාමරාජ් මහතා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමද  ජනාධිපතිතුමාගේ අතින් සිදු කෙරුණා.වෘත්තියෙන් කනකර ආභරණවල රන් අලේප කරන්නෙකු වන නාමනාදන් මහතාගේ නිවස ගිනිගැනීම  හේතුවෙන්   ඒ මහතාගේ  ජීවනෝපාය මාර්ග ඇණහිට තිබුණා. එම යන්ත්‍ර මිලදී ගැනීම ඇතුළු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් සිදු කළා.

මීට අමතරව කොළඹ අගදරගුරු  පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ මාධ්‍ය අංශයේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් නව වීඩියෝ කැමරාවක් ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කෙරුණා.  එය භාරගනු ලැබුවේ අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා විසින්.

 

 

The post ලෝක ලමා දිනය යෙදී ඇති අද දරුවන් වෙනුවෙන් නව අරමුදලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG