Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දෙයි  

Add comments

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දේවේන්ද්‍ර ෆඩ්නාවුස් අද (22)  දිවුරුම් දුන්නා. ඒ ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය එම ප‍්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමත් සමග.

පසුගිය ප‍්‍රාන්ත මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් බහුතරය හිමිකරගැනීමට සමත්වූයේ නැහැ. ඒ හේතුවෙන් කොංග‍්‍රස් පක්ෂය සහ තවත් හවුල්කාර පක්ෂ කිහිපයක් එක්ව මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ සන්ධාන රජයක් පිහිටුවීමට කටයුතු කළා. කෙසේවෙතත් ජාතික කොංග‍්‍රස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්කරගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත්වු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ඒ සමගම මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නව රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවස්ථාව හිමිවුණා. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය ඉන්දියාවේ ධනවත්ම ප‍්‍රාන්තය ලෙසයි සැලකෙන්නේ.

The post ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG