Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් බවට සැකකරන තුන් දෙනෙකු කේරල ගංජා සමග අත්අඩංගුවට  

Add comments

කේරල ගංජා තොගයක් සමග පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදුකළ වැටලීමකදී. මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 600 ක ප‍්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහායකයන් තුන් දෙනෙකු බවටයි සැක මතුව ඇත්තේ.

ඒ පිලිබදව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.

The post ප‍්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් බවට සැකකරන තුන් දෙනෙකු කේරල ගංජා සමග අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG