Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව ආර්ථික, කර්මාන්ත හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විය යුතුයි  

Add comments

මත් කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසට ප්‍රසිද්ධව ඇති ශ්‍රී ලංකාව ආර්ථික, කර්මාන්ත හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විය යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ දෙවන ගුණසමරු උත්සවයට සහභාගී වෙමින් කතානායකවරයා මේ බව කියා සිටියා.

නුගවෙළ මධ්‍යමහා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාත් අමරකෝන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. සිවිල් ඉංජිනේරුවරයෙකු වන ඒ මහතා ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය හිමිකර ගත්තා. ඔහු ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයායි.

රජයේ තනතුරු රැසක් හෙබවූ නාත් අමරකෝන් මහතාගේ ගුණසමරු උත්සවයට භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

The post ශ්‍රී ලංකාව ආර්ථික, කර්මාන්ත හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG