අත්අඩංගුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත මාරු කළ හැකි බව බන්ධනාගාර වෛද්‍ය නිලධාරිණිය නිර්දේශ කොට තිබෙනවා.
ඒ රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ අද ලබාගත් වෛද්‍ය වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව බන්ධනාගාර ගිලන්රථය ද පැමිණි අතර රාජිත සේනාරත්න මහතාගේ ආතතිය නැවත වැඩිවූ බැවින් අද දිනයේත් එම පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලබා දීමට තීරණය කෙරුණා. ඒ මහතා හෙට අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙනුයි රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනුණේ. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව දින 2 ක් රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ද සොයාගත නොහැකිව අතුරුදන්ව සිටියා. රාජිත සේනාරත්න මහතාට අයත් කොළඹ, බේරුවල හා වාද්දූව යන ප්‍රදේශවල නිවාස පරික්‍ෂා කරමින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරයි ඔහු හදිසියේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් වුණේ.
එහිදී අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තා. අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ඔහු එම රෝහලේම ප්‍රතිකාර ලැබුවා. රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ආතතියෙන් හා අධි රුධිර පීඩනයෙන් රාජිත සේනාරත්න මහතා පෙළන බවයි. අනතුරුව වෛද්‍ය පරික්‍ෂණ කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා යොමු කෙරුණා. එම පරික්‍ෂණ වාර්තා බන්ධනාගාර කොමසාරිස්වරයාට ලබා දීමට ද කටයුතු කෙරුණා. ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව නිර්දේශ කළේ බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට ඒ මහතා ප්‍රතිකාර සඳහා මාරුකළ හැකි බවයි. අද පස්වරුවේ බන්ධනාගාර අධිකාරීවරයා ද ඔහු පරික්ෂා කිරීමට අදාළ පෞද්ගලික රෝහලට පැමිණ තිබුණා. එහෙත් ආතතිය සහ රුධිරපීඩනය වැඩිවී රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බැවින් එම රෝහලේම අද දිනයේත් ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. හෙට දිනයේ රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
The post රාජිත බන්ධනාගාර රෝහලට මාරු කළ හැකි බවට බන්ධනාගාර වෛද්‍යවරිය නිර්දේශ කරයි appeared first on ITN News.
Post a Comment