Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙවිල් පලිහවඩන මහතා දැයෙන් සමුගනී  

Add comments

ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයෙකු වූ අභාවප්‍රාප්ත බෙවිල් පලිහවඩන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදුකෙරුණා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 72 හැවිරිදි වියේ පසුවුණා. 1973 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස සේවයට බැදුනු බෙවිල් පලිහවඩන මහතා ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා. ITN ඔස්සේ විකාශය වූ ෆෑන් ක්ලබ් වැඩසටහන මෙහෙයවමින් ජනප්‍රසාදයක්  දිනා ගැනීමට ද ඒ මහතා සමත්වුණා. ITN හි ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඔහු කලක් සේවය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ බෙවින්  පලිහවඩන මහතා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ හා රජයේ රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවේ ද කටයුතු කළ අයෙක්. දේශීය බටහිර සංගීත ශිල්පීන් ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ රටට හඳුන්වා දීමට පලිහවඩන මහතාගේ ඉටු වූයේ නොමඳ සේවයක්.

 

 

 

The post බෙවිල් පලිහවඩන මහතා දැයෙන් සමුගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG