අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශ කොට රටේ සමගිය විනාශ නොකරන ලෙස මහා සංඝරත්නය උතුරේ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන්ගේ ඇතැම් ප්‍රකාශ ජාතිවාදය අවුස්සා බලය ලබා ගැනීමට දරන උත්සාහයක් බවයි මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් අවධාරණය කරන්නේ.
ජාතික ගීය සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන් පසුගිය නිදහස් දින උත්සවයේ ගායනා කෙරුණා. මෙවර ද ජාතික ගීය භාෂා ද්විත්වයෙන්ම නිදහස් දින උළෙලදී ගායනා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියා. මහාවංශය ප්‍රබන්ධයක් බවත්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවත් මීට දින කිහිපයකට පෙර උතුරු පළාත් හිටපු අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ද ප්‍රකාශ කළා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ද ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය භාෂා ද්විත්වයෙන්ම ගායනා කළ යුතු බවයි. මේ පිළිබද අදහස් පලකළ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කළේ භාෂා සියයකට වඩා ඇති ඉන්දියාවේ ජාතික ගීය එක් භාෂාවකින් පමණක් ගායනා කරන්නේද ඇයිද යන්නයි.
The post ජාතිවාදී ප්‍රකාශ එපා – මහා සඟරුවන විග්නේෂ්වරන්ගෙන් හා සුමන්තිරන්ගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment