පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ගොණුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් දෙක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවීමට නියමිතව තිබෙනවා. ආන්ද්‍යෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කළා. ඔහු ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයදුම්පත‍්‍රය අධිකරණය ප‍්‍රතික්ෂේප කළේ ඇප අපේක්ෂා කරන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් ද යන්න නිශ්චිතව සඳහන් නොකිරීම හේතුවෙන්. කෙසේවෙතත් පසුව ඉදිරිපත් කළ ඇප අයදුම්පත් දෙක අද සලකා බැලීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළේ.
මේ අතර රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනමක් ද නිකුත් කළ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා වරෙන්තුවක් ද නිකුත් කළා. අවස්ථා කිහිපයකදී මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට ගිය ද දින කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා. ඒ අතරතුරයි රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත්වී තිබෙන්නේ. ඒ අනුවයි එම රෝහලට ගිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පසුගිය සිකුරාදා රාජිත සේනාරත්න මහතාව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ.
The post රාජිතගේ අපේක්ෂිත ඇප අයදුම්පත් දෙක සලකා බැලීම අද appeared first on ITN News.
Post a Comment