Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වාධීන රූපවාහිනියත් අද සිට නව ගමනකට වැඩ අරඹයි  

Add comments

වසර පුරාම යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් නව වසරේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සෑම රාජ්‍ය ආයතනයකදීම සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේදී ද මෙය සිදු කෙරුනේ විශේෂ වෙනස්කම් රැසකින්ද සමගයි. ඒ අප මාධ්‍ය ජාලය අද සිට නව ගමනක නිරත වනවා.

රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීමට සමගාමීව සංවිධාන කෙරුනු උත්සවය පැවැත්වුණේ වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි. එහිදී ජාතික කොඩිය එසවූයේ සභාපති සුදත් රෝහණ මහතායි. ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංඛ මහතා ස්වාධීන රූපවාහිනී කොඩිය එසවූවා.

ලක්හඩ කොඩිය එසවූයේ ලක්හඩ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අශෝක කරුණානායක මහතායි. ඉන් අනතුරුවයි රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරුණේ.

උත්සව සභාව ඇමතූ සභාපති සුදත් රෝහණ මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය නගාසිටුවීමට සියලු දෙනා එකාවන්ව අත්වැල්බැද ගත යුතු බවයි.

ලක්හඩ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාද අදහස් පළ කළා.

හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩපිළිවෙළට සමගාමීව පැළයක් රෝපණය කිරීමද සිදු කෙරුණා.

 

The post ස්වාධීන රූපවාහිනියත් අද සිට නව ගමනකට වැඩ අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG