ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ලැව් ගිනි පිළිබඳ සොයා බැලීමට රේඩාර් පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.
සැන්ජෝස් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් එක්වයි මෙම රේඩාර් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ. ලැව් ගිනි පවත්නා ස්ථාන පිළිබඳ විනාඩි 3 ක් ඇතුළත දැනගතහැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. නියමුවන් රහිත ගුවන් යානයක් යොදා ගනිමින් මේ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීම සිදුවනවා. එමෙන්ම ඉදිරියේදී ලැව් ගිනි ඇතිවිය හැකි ස්ථාන පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාවද මෙහි ඇති විශේෂත්වයක්. ලැව් ගිනිවල ස්වභාවය මෙන්ම එම ගිනි නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් යොදවන ආකාරය මෙන්ම ඔවුන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳවද මේ හරහා තොරතුරු ලබා ගත හැකියි. එමෙන්ම ලැව් ගිනි නිවා දැමීමට ජලය භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද රේඩාර් පද්ධතිය තුළින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
The post කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ලැව් ගිනි පිළිබඳ සොයා බැලීමට රේඩාර් පද්ධතියක් appeared first on ITN News.
Post a Comment