දකුණු ආසියාවේ රටවල් කිහිපයකට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක් ජනතාව අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. ජජ්පූර් දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙනවා. ඉදිරි පැය 24 තුළ දැඩි වර්ෂාපතනය තවදුරටත් වර්ධනය විය හැකි බවටයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර පාකිස්තානයේ කරච්චි නගරය සමුපූර්ණයෙන් ජලයෙන් යටව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කරච්චි නගරය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. ගතවූ පැය 24 ට කරච්චි නගරයට මිලිමීටර් 130 ක වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.
අධික වර්ෂාව හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ මියගිය සංඛ්‍යාව 122 ක දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම බංග්ලාදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට ද අධික වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා.
The post දකුණු ආසියාවේ රටවල් කිහිපයකට අධික වර්ෂාවෙන් බලපෑම් appeared first on ITN News.
Post a Comment