රත්නපුර මලන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවෙකු දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව දෙමව්පියන් පවසනවා.
මෙම පාසල් සිසුවා පසුගිය විසිහතර වනදා සිට අතුරුදන්ව ඇති බවයි ඔහුගේ දෙමව්පියන් පවසන්නේ. ඔහුගේ පියා මඩකලපුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරනවා.
සිසුවා නිවසින් බැහැරට යන ආකාරය අසළ තිබූ සී සී ටී වී කැමරාවලද සටහන්ව තිබෙනවා.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් දෙමව්පියන් රත්නපුර පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
The post රත්නපුර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදන් appeared first on ITN News.
Post a Comment