ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය වසා දැමීමේ කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සිඩ්නි නගරය මාසයක කාලයක් පුරා වසා දමා තිබුව ද දෛනිකව වාර්තා වන ඩෙල්ටා ප්‍රෙභ්දයේ ආසාදිතයින් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. සිඩ්නි නගරය පිහිටා ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 177 දෙනෙකු හමුවී තිබෙනවා. මේ වන විට සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2500 කට අධිකයි. සිඩ්නි නගර වැසියන්ට ගමන් කළ හැක්කේ තම නිවසේ සිට කිලෝමීටර් 10 ක් පමණයි. මේ අතර වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ද අද සිට යළිත් වසා දැමුණා. පසුගිය ජුනි මාසය වන තෙක් ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව හමුවූයේ ආසාදිතයින් ඉතාමත් සුළු සංඛ්‍යාවක් වන අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හොදින්ම පාලනය කළ රටක් ලෙස ද සැළකෙනවා.
The post සිඩ්නි නගරය වසා දැමීමේ කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ appeared first on ITN News.
Post a Comment