Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මතුගම පාසලක පරිගණක, ගුරුවරුන් රැගෙන ගිය බවට පළවන වාර්තා අසත්‍යයි – අධ්‍යාපන අමාත්‍යාංශය  

Add comments

කොරෝනා වසංගතය හමුවේ online අධ්‍යාපන කටයුතු විධිමත් කිරීම සඳහා තෝරාගත් පාසල් වෙත ටැබ් පරිගණක ලබා දීමට රජය පියවර ගත්තා.

මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට එලෙස ලබා දුන් පරිගණක යන්‍ත්‍ර ගුරුවරුන් රැගෙන ගොස් ඇති බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

online ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට  පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පහසුකම් සලසමින් තෝරාගත් පාසල් වෙනුවෙන් පරිගණක යන්ත්‍ර ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. රට පුරා එම සම්පත් මධ්‍යස්ථාන 2100 ක් පිහිටුවීමටයි සැළසුම් කර තිබෙන්නේ. එම වැඩසටහන යට‌තේ පළමු අවස්ථාවේදී ම පරිගණක යන්ත්‍ර ලබා දුන්නේ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයටයි. එලෙස ලබා දුන් පරිගණක ගුරුවරුන් පිරිසක් රැගෙන ගොස් ඇති බවටයි පසුගියදා වාර්තා කෙරුණේ. එලෙස කිසිඳු අක්‍රමිකතාවක් සිදුව නොමැති බව වලල්ලාවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එල්.පී. දිසානායක මහතා පවසනවා.

පාසල වෙත ලබා දුන් පරිගණක සියල්ලම සුරක්ෂිතව පවතින බවයි දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්. එච්. ඩී.එම්. ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

The post මතුගම පාසලක පරිගණක, ගුරුවරුන් රැගෙන ගිය බවට පළවන වාර්තා අසත්‍යයි – අධ්‍යාපන අමාත්‍යාංශය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG