Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,711ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ (27) දිනය තුළ කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා. වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊයේ දිනයේ හදුනා ගත් කොරෝනා ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනා අතුරින් හාරසිය අසූ එක් දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ගම්පහින් තුන්සිය දහ දෙනෙකු, කළුතරින් දෙසිය විසි අට දෙනෙකු සහ මඩකලපුවෙන් එකසිය නව දෙනෙකු හදුනා ගැනුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ නවදහස් අටසිය අනූ දෙකක්. විසිපන්දහස් තුන්සිය අසූ නව දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑදහස් තුන්සිය පනස් හයක්.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ නවදහස් නවසිය තිස්පහක් සිදු කර ඇති අතර ඇන්ටිජන් පරීක්ෂණ හාරදහස් හයසිය හැත්තෑ තුනක් සිදුකළ බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

මේ අතර කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව අසූදෙලක්ෂ තිස්දෙදහස් එකසිය අනූ හතර දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව දහඅට ලක්ෂ අසූහයදහස් නවසිය තිහක්.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,711ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG