කොරෝනා ව්‍යසනය හමුවේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීමේ යම් ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා. මේ වනවිට ව්‍යසනකාරී තත්ත්වය පහව යමින් පවතින බැවින් එම එන්නත් ලබාදීම සදහා වැඩි අවදානයක් යොමු කරන ලෙස වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා.
කොරෝනා ව්‍යසනය හමුවේ සංචරණ සීමා පැනවීම, පාසල් වසා තැබීම ඇතුළු කරුණු හේතුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුණා. පාසල් වසා තැබීම හේතුවෙන් වයස අවුරුදු 11 – 12 වයස් කාණ්ඩවල දරුවන් සදහා ලබාදෙන වැඩිහිටි පිට ගැස්ම හා ගලපටලය වැනි එන්නත් ලබාදීමේ ද ප්‍රමාද ඇති වුණා. ඊට විසදුමක් ලෙස එම එන්නත් ලබාදීම පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී අද ආරම්භ වූයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතාගේ අධීක්ෂණය යටතේයි.
The post කොරෝනා හමුවේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීමේ ගැටළුකාරී තත්වයක් appeared first on ITN News.
Post a Comment