මගදෙපස තුරු සෙවන වැඩසටහනේ තවත් අදියරක් රඹුක්කන නගරයෙන් අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
නිරෝගී පරපුරක් බිහිකිරීම මෙන්ම සුන්දර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් මග දෙපස තුරු සෙවන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. කොරෝනා ව්‍යසනය හමුවේ වුවද සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි රජය කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව මේ වනවිටත් මග දෙපස තුරු සෙවන වැඩසටහනේ අදියර කීපයක් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.
මේ අතර අරනායක මාවනැල්ල රඹුක්කන යන ප්‍රදේශවලට පානීය ජලය ලබාදීමේ අරමුණෙන් ආරම්භකර ඇති හෙම්මාතගම ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට සියයට පනහකින් ආරම්භ කර තිබෙනවා. පවුල් හතලිස් දෙදහස් තුන්සියයකට වැඩි පිරිසකට මෙමගින් පහසුකම් ලබාදීම සැළසුමයි. ජලය බෙදා හැරීම සදහා ප්‍රදේශයම ආවරණය වන පරිදි ගබඩා ටැංකි 7 ක් ඉදිකර ඇති අතර ඒවායේ ධාරිතාව ඝණ මීටර් 7,175 ක්.
The post මගදෙපස තුරු සෙවන වැඩසටහනේ තවත් අදියරක් රඹුක්කන නගරයෙන් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment