Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ පළමු කොන්ක්‍රීට් කොටස සවි කෙරේ  

Add comments

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉගුරුකඩේ පිවිසුමේ සිට ගාලු මුවදොර සහ අභිනවයෙන් ඉදිවන වරාය නගරය සම්බන්ධ කරමින් නව අධිවේගි මාර්ගයක් කුළුනු මතින් ඉදි කෙරෙමින් පවතිනවා.

එම ව්‍යාපෘතියේ පළමු පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස ඔසවා සවි කිරීම අද සුබ මොහොතින් සිදු කෙරුණා.

කිලෝමීටර් පහයි දශම තුනක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි ඉදි කෙරෙන මෙම ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 28 ක් ඉක්මවනවා. 2019 වසරේ දී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය 2023 වසරේ දී අවසන් කිරීමට නියමිතයි. කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට ස්ථාවර විසදුමක් ලෙසයි කුළුනු මතින් ඉදි වෙන මෙම අධිවේගි මාර්ගය හදුනා ගැණෙන්නේ.

අවහිරතාවකින් තොරව අධිවේගි මාර්ගයට ප්‍ර වේශවීමට හැකි වන පරිදි ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිටකොටුව පිවිසුමෙහි සකස් කර තිබෙනවා. වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර ප්‍රවාහනය කිරීම සදහා මෙමගින් ඉඩ සැලසෙන බවයි ඉංජිනේරුවන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව යුගයක් එක් කරමින් බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ කාර්යය වඩා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට මෙයින් ඉඩ සැලසෙනවා. මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගයේ පළල මීටර් විසි තුනයි දශම හතරක්. අද පැවති පළමු පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස් ඔසවා සවි කිරීමේ උත්සවයට අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

 

The post වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ පළමු කොන්ක්‍රීට් කොටස සවි කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG