ආර්ජන්ටිනාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා.
උෂ්ණ තරංග ප්‍රවාහය හේතුවෙනුයි ආර්ජන්ටිනාවේ උෂ්ණත්වය මෙලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත්තේ. උෂ්ණත්වය ඉහළ යාමත් සමග විදුලි අර්බුදයකට ද මුහුණදී සිටින බව වාර්තා වනවා. එරට අග නගරයේ දහස් ගණනක ජනතාවක් විදුලිය ඇණහිටීම හේතුවෙන් පීඩා විදින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
නිතර ජලය පානය කරන ලෙසත් හිරු එළියට නිරාවරණයවීමෙන් වළකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලය පුරා ආර්ජන්ටිනාව තුළ හටගත් ලැව්ගිනි සංඛ්‍යාව හා ගංගාවල ජල මට්ටම් ශ්‍රීඝ්‍රයෙන් පහළ බැසීම මෙවැනි කාලගුණ තත්ත්වයක් හටගැනීමට හේතුවී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
The post ආර්ජන්ටිනාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට නගී appeared first on ITN News.
Post a Comment