Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි මාස කීහිපය ඇතුළත රටේ පවතින අර්බුද රැසකට විසදුම් ලැබෙන බව ස්ථිරයි- ඇමති ප්‍රසන්න  

Add comments

කොවිඩ් නිසා රටට අහිමි වු සියලු දේ නැවත දිනා ගැනීම සදහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කීපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසදුම් ලැබීම ස්ථිර බවයි. ආණ්ඩුව ඒ සදහා උපරිම ශක්තියෙන් කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් නිසා මියගිය අඩු ආදායම්ලාභි පුද්ගලයන් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් 25,000 බැගින් වන ආධාර ප්‍රදානය වෙනුවෙන් උඩුගම්පොළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ පසුගිය දා පැවති වැඩසටහනක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙම ආධාර ප්‍රදානය සිදු කෙරුණේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගිනි. මිට පෙර ද දොම්පේ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පවුල් 50 කට මෙම ආධාරය ලබා දි තිබේ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් වසංගතය නිසා මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය අපේ රටට පමණක් ඇති වු තත්ත්වයක් නෙමෙයි. මේක මුලු ලෝකයටම පොදු තත්ත්වයක්. මුලු ලෝකයකම කොවිඩ් වසංගතය නිසා දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. කොවිඩ් වලට මුහුණ දෙමින් ලෝකය නව සාමාන්‍යකරණයකට ලක්වෙමින් තිබෙන කාලයක් මේක. මේ තත්ත්වය අපේ රටටත් දරුණු ලෙස බලපාලා තිබෙනවා. පහුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ් නිසා රටට බොහෝ ජයග්‍රහණ මග හැරුණා. ඒ ජයග්‍රහණ යළි අත්පත් කර ගැනීම සදහා අපි රටක් ලෙස දෙගුණයක වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව මේ අභියෝගය ජයග්‍රහණය කරන්න දිවා රෑ නොබලා උපරිමයෙන් කටයුතු කරද්දි අපේ රටේ විපක්ෂය කරන්නේ මොකක්ද? ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ආණ්ඩුවට එරෙහි ව ජනතාව උසිගන්නනවා.

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය කරනවා. අපේ රටේ විපක්ෂය තරම් ජනතා ද්‍රෝහි විපක්ෂයක් ලෝකේ කොහෙවත් නෑ. මේ විපක්ෂයට ඕනෑ කොවිඩ් වලට මුවා වෙලා රටේ ආණ්ඩු බලය ගන්නයි. හැබැයි මේ අයට ආණ්ඩු බලය වැරදිමකින් හරි ලැබුණොත් අපේ රටේ තත්ත්වය යහපත් වෙයිද? නෑ.. විපක්ෂයට මේ මොහොතේ බලය ගියොත් වෙන්නේ මේ රට දැනට තියෙන තත්ත්වයෙනුත් තවත් පහළට යාමයි. මොකද රට ගොඩ ගැනීමේ දැක්මක් හා වැඩපිළිවෙලක් විපක්ෂයට නෑ. පවතින තත්ත්වය කළමණාකරණය කරන්නටවත් විපක්ෂයට හැකියාවක් නෑ. ඔවුන්ට පුළුවන් සම්පප්ප්‍රලාප දොඩවන්න විතරයි.

අපි මේ රට යළි ගොඩනගනවාමයි. රටේ ජනතාව කොවිඩි වලින් මිය යද්දි කොවිඩ් එන්නත ගෙනවිත් මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාව ලැබුණා. කොවිඩ් වසංගතය නිසා විනාශ වුණ බොහෝ කර්මාන්ත දැන් යළි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය ද මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තෙල්, විදුලිබල, ප්‍රවාහනය වගේ ක්ෂේත්‍ර වල දැන් තිබෙන අර්බුදත් අපි කළමණාකරණය කර ගනිමින් තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුළ මේ අර්බුද සියල්ල විසදෙනු ඇතැයි අපි තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා.

ඇත්තටම අපි ඒ සදහා උපරිම ලෙස කටයුතු කරනවා. විපක්ෂය මොන අවලාද නැගුවත් ආණ්ඩුව උපරිම ශක්තිය යොදවා තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදා ගන්නයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ. ඒ වගේ විපක්ෂය මොන අවලාද නැගුවත් මොනතරම් කෑ ගැහුවත් කුමන බාධක පැමිණියත් කොවිඩ් වසංගතයෙන් පසු රට ගොඩ ගැනීමේ අපේ සටන අපි නතර කරන්නේ නෑ.

මිරිගම ප්‍රාදේශිය සභාවේ සපති සරත් නන්දසිරි රණතුංග, රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සභාපතිනි අර්චනා රණතුංග යන මහත්ම මහත්මිහු ද මෙහි දි අදහස් පළ කළහ.

The post ඉදිරි මාස කීහිපය ඇතුළත රටේ පවතින අර්බුද රැසකට විසදුම් ලැබෙන බව ස්ථිරයි- ඇමති ප්‍රසන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG