Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යළිත් නියෝජ්‍ය කතානායක ධුරය රංජිත් සියඹලාපිටියට   

Add comments

නියෝජය කතානායකවරයා ලෙස රංජිත් සියඹලා පිටිය මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා. රංජිත් සියඹලාපිටිය  මහතා නියෝජ්‍ය කාතානායකවරයා සදහා පත් කිරීම සදහා පක්ෂව ඡන්ද 148 ක් හිමි වුණා. ඒ මහතා සමඟ මෙම ධුරය සදහා තරග කළ ඉමිතියාස් බාකීර් මාකාර් මහතාට හිමි වූයේ ඡන්ද 65 ක් පමණයි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 3ක්.

නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ පැවැත් වුණේ රහස් ඡන්ද විමසීමකුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නියෝජ්‍ය කතානායක ධූරය සදහා යෝජනා  කර තිබුණා. ඒ සදහා ආණ්ඩු පක්ෂයේද සහාය ලබාදෙන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සමගි ජනබලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධූරය සදහා ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම යෝජනා කරන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඒ අනුවයි නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා රහස් ඡන්ද විමසීමක්  පැවත්වුණේ.

 

 

The post යළිත් නියෝජ්‍ය කතානායක ධුරය රංජිත් සියඹලාපිටියට  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG