Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට වසර 12ක සිර දඬුවමක්  

Add comments

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ එම් එච් ඩී හෙවත් මොහොමඩ් සිල්ලාට වසර 12ක සිර දඬුවම් නියමකර තිබෙනවා.

පැරීසයේ දී තවත් පිරිසක් හා එක්ව 2018 වසරේ දී 23 හැවිරිදි ලොයික්කේ නමැති තරුණයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහොමඩ් සිල්ලා ඇතුළු පිරිසකට චෝදනා එල්ලවී තිබුණා.

අදාළ නඩු විභාගයෙන් අනතුරුව පැරිස් අධිකරණය මගින් සිල්ලාට මෙම 12 අවුරුදු සිර දඬුවම නියම කරනු ලැබුවා.

ඔහු අදාළ තරුණයා තම මෝටර් රථයේ හප්පා ඉන් අනතුරුව 12 දෙනෙකු සමඟ එක්ව පහරදී තියුණු ආයුධයකින් ඇණ මරණයට පත්කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේ වුවද මොහොමඩ් සිල්ලා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන් නිර්දෝෂී බවයි.

කෙසේ වුවද මෙ ඝාතනය සිදුවන අවස්තාවේ ප්‍ර දේශවාසියෙකු එය රූගත කර තිබූ අතර රථය මොහොමඩ් සිල්ලාගේ බව එමගින් තහවුරු වී තිබුණා.

 

 

 

The post ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට වසර 12ක සිර දඬුවමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG