Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රංශ වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණෙයි  

Add comments

මධ්‍යධරනී මුහුද සංක්‍රමණිකයන් පිලිගැනීමේ ස්ථානයක් විය යුතු බවට කළ ඉල්ලීමට අනුව යමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රංශ වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණියා.

සියවස් ගණනාවක් පුරා බහුවාර්ගික සහ බහුආගමික ජනතාවක් වෙසෙන යුරෝපයේ තරමක හුදෙකලා නගරයක් ලෙසයි මාර්සෙයිල් සැලකෙන්නේ.

මධ්‍යධරනී කතෝලික රදගුරුවරුන්ගේ රැස්වීමක සමාප්ති සැසියේ මුලසුන හොබවමින් පාප්වහන්සේ අදහස් පල කර තිබෙනවා.

එහිදී සිය දෙදින සංචාරය කතෝලික බැතිමතුන්ගෙන් ඔබ්බට යමින් යුරෝපයට උතුරු අප්‍රිකාවට සහ ඉන් ඔබ්බට පණිවුඩයක් යැවීම අරමුණු කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයට අනුව 2014 වසරේ සිට සංක්‍රමණිකයන් 28.000 ක් මිය ගොස් තිබෙනවා.

එසේ මිය ගිය අය වෙනුවෙන්  මාර්සෙයිල්හි පිහිටුවා ඇති ස්මාරකය අසලදී යාඥ්‍රාවක් පැවැත්වීමට ද නියමිතයි.

මධ්‍යධරනී මුහුද‌ ලොව විශාලතම සුසාන භූමිය බවට පත්ව ඇතැයි පාප්වහන්සේ පසුගියදා ප්‍රකාශ කළා.

 

 

 

The post ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රංශ වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG